ඊශ්‍රායලය ගාසා රෝහලකින් බිළිඳුන් ඉවත් කරයි

ඊශ්‍රායලය ගාසා රෝහලකින් බිළිඳුන් ඉවත් කරයි

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ දැඩි ගැටුම් පවතින බැවින් සහ ඉන්ධන අවසන්වීමෙන් අලුත උපන් බිළිදුන් දෙදෙනෙකු මියගොස් තවත් බිළිදුන් විශාල පිරිසක් අවදානමට ලක්වීම හේතුවෙන්.

මේ අතර විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා දේශසීමාව අද (12) දිනයේ යළි විවෘත කිරීමට සූදානම් බව ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

COMMENTS