දීපාවලී අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක්.
නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපවාලී උත්සවයෙන් අයහපත පරදා යහපතත්, අදුර පරදා ආලෝකය උදාවීම සංකේතවත් කරනවා.
දීපවාලී උත්සවය නිමිත්තෙන් අද (12) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම මහියංගනය සහ රිදී මාලියද්ද යන ප්‍රදේශවල හැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලු මත්පැන්හල් ද අද දිනය තුළ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් තිබෙනවා.
දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කළ බව වාර්තා වෙනවා.
ඒ වෙනුවට නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බවයි.