ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා ලන්ඩනයේ විරෝධතා

ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා ලන්ඩනයේ විරෝධතා

ඊශ්‍රායල හමුදාවෙන් එල්ල වන රොකට් ප්‍රහාරවලට ගාසා තීරයේ පලස්තීන ජනතාව ගොදුරු වීමට එරෙහිව බ්‍රිතාන්‍ය පුරා සිටින පලස්තීන හිතවාදීන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට රැස්වී විරෝධතාවක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය මෑත කාලයේ යුරෝපයේ පැවැති විශාලතම විරෝධතාව ලෙස සැලකෙන අතර, ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා මේ විරෝධතාව පවත්වා ඇතැයි ද වාර්තා වේ. විරෝධතාව අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් බවත්. විරෝධතාකරුවන් 126 දෙනකු අත්අඩංගුවට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලන්ඩන් නුවර සාමය කඩ කරමින් පැවැති විරෝධතාව හමාස් සංවිධානයේ අනුගාමිකයන් විසින් සිදු කළ බවටත්, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෙළා දකින බවටත් බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.

https://tinyurl.com/4ww54hpk

COMMENTS