ගාසා තීරයේ ප්‍රධානතම රෝහලක වැඩ සම්පූර්ණයෙන්ම නවතියි

ගාසා තීරයේ ප්‍රධානතම රෝහලක වැඩ සම්පූර්ණයෙන්ම නවතියි

ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර ගෙවුණු දිනයේත් දරුණු ගැටුම් ඇති වුණා.

උතුරු ගාසා ප්‍රදේශයේ නිරන්තර ගැටුම් වාර්තාවන පසුබිමක සිවිල් වැසියන් තවමත් ආරක්ෂාව පතා දකුණු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටිනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ප්‍රධානතම රෝහල වන අල්- ෂිෆා රෝහලේ සේවා මුළුමනින්ම ඇණහිට ඇති බවයි.

එවන් පසුබිමක ආරක්ෂාව පතා සිවිල් වැසියන් 2,300 දෙනෙකු පමණ අල්- ෂිෆා රෝහලේ තවමත් රැඳී සිටින බව ද සඳහන්.

හමාස් සාමාජිකයන් සැඟවීමට සහ කඳවුරු පවත්වාගෙන යාමට රෝහල් භාවිත කරන බවට ඊශ්‍රායලය චෝදනා කළද අල්- ෂිෆා රෝහල් බලධාරීන් පවසන්නේ රෝහල් පරිශ්‍රය තුළ එකදු ත්‍රස්තවාදයකු හෝ නොමැති බවයි.

මේ අතර ඊශ්‍රායල-හමාස් යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සේවකයන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ජිනීවාහීදි ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කර තිබෙනවා.

https://tinyurl.com/2ez5kkuv