ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව දයාසිරි හෙළිකරයි

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව දයාසිරි හෙළිකරයි

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව එහි සිටින එක් වෛද්‍යවරයෙකු විසින් ලබාදෙන ඖෂධ බව ඊයේ (14) COPE කමිටුව හමුවේ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ එම වෛද්‍යවරයා වෘත්තිමය වශයෙන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු නොවන අතර, ක්‍රීඩකයින්ගේ ආබාධ තවදුරටත් වර්ධනය වී ඇත්තේ ඔහු ලබාදෙන ඖෂධ හේතුවෙන් බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බිනුර ප්‍රනාන්දු නම් ක්‍රීඩාකයාට වසර 7ක් තුළ කකුළේ අමාරුවක් සඳහා ප්‍රතිකාර කර තිබුණ ද ඔහුගේ ආබාධය තිබී ඇත්තේ කොන්දේ බවයි.

අදාළ වෛද්‍යවරයා වන්ෂොට් යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන බවත්, ඔහු ලබාදෙන වේදනා නාශකවල අතුරු ප්‍රතිවිපාක ලෙස ආබාධ මතුවන බවත් ඔහු අවධාරණය කළා.

ලක්ෂ ගණනින් වියදම් කරමින් මෙවැනි වෛද්‍යවරු තවමත් තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදවත් COPE කමිටුව හමුවේ දී ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර තිබෙනවා.

COMMENTS