මෙවර අයවැයේ බොහෝ යෝජනා ඇස් බැන්දුමක් – පාඨලී
මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ඊට අදාළ ගිවිසුම් සඳහා ණයහිමියොත් සමග අත්සන් තැබිය යුතු බවය.
“ඒ කටයුත්ත නොකරන තාක්කල් මේවා ඔක්කොම සිහින පමණයි. රටේ අර්බුදය හා බලනකොට, ඒ අර්බුදයෙන් ගැලවී යාම සඳහා ප්‍රමාණවත් නොවනවා පමණක් නෙවෙයි, මහජනයා අතිශයින් මුලා කරන සුළුයි. මේ දීලා තියෙන දේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවකට තියෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාවට රු. 10,000 කින් අප්‍රේල් මාසෙ ඉඳන් වැටුප්වලට දීමනාවක් එකතු වීමත්, විශ්‍රාමිකයන්ට රු. 2500 ක් එකතු වීමත් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ.”
මෙවර අයවැය කොළඹ ඡන්ද දායකයා ඉලක්ක කර ඉදිරිපත් කර ඇත්දැයි විමසූ විට ඔහු පැවසුවේ….
“ඇත්ත වශයෙන්ම අපි යම් යම් පියවර ගන්න කොට ඒවා ජනප්‍රිය වෙන්න පුළුවන්, මහජනයා අත්පුඩි ගහන්න පුළුවන්, කිරිබත් කන්න පුළුවන්. නමුත් පස්සේ නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඔය අධිවේගී මාර්ගවල යනකොටත් මිනිස්සු කිරිබත් කෑවා. අනේ දැන් අපිට පුළුවන් හම්බන්තොටින් දොදොල් කන්න. මාතරින් කිරිහට්ටි, හරි ආඩම්බර වුණා. හැබැයි ඒ අධිවේගී මාර්ගවලට වියදම් කරපු ණය ගෙවා ගන්න බැරුව පෙට්‍රල්, පෝලිම්වල මැරෙන්න පටන් ගත්තට පස්සේ පැය දොළහ, දාහතර ලයිට් කැපෙන කොට තමයි තේරුනේ එදා කාපු කිරිබත්වල තිබිලා තියෙන්නේ ආසනික් කියලා.” යනුවෙන්