විහඟ ප්‍රේමය “Goa” ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලට
![විහඟ ප්‍රේමය “Goa” ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලට විහඟ ප්‍රේමය “Goa” ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලට](https://www.mynewslanka.com/wp-content/uploads/2023/11/vihaga.jpg)
සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ‘විහඟ ප්‍රේමය’ සිනමාපටයට ‘Goa’ ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙලට ආරාධනා ලැබී තිබේ.
ලොව ප්‍රමුඛතම සිනමා උළෙල කිහිපයෙන් එකක් වන ‘Goa’ ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙල ආසියානු කලාපයේ පැරණිතම සිනමා උළෙලයි.
54 වන ‘Goa’ ඉන්දීය අන්තර්ජාතික සිනමා උළෙල නොවැම්බර් 20 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙයි.
විහඟ ප්‍රේමය’ සිනමාපටය මීට පෙර A ශ්‍රේණියේ සිනමා සම්මාන උළෙලක් වන 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ විශිෂ්ඨතම කලාත්මක සම්ප්‍රදානයට හිමි සම්මානය දිනාගෙන තිබීමද විශේෂත්වයකි.
ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා සමග අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා අමිත්ත වීරසිංහ සහ ප්‍රකට ඉතාලි රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා ඇතුළු පිරිසක් විහඟ ප්‍රේමය’ සිනමාපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/11/1698396019-L.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/11/Vihaga_Premaya_1-650x387.jpg)