අරුම පුදුම ගැබ් ගැනීමක්

අරුම පුදුම ගැබ් ගැනීමක්

ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් එම ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන ඇති අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ Alabama ප්‍රදේශයෙනි.

Kelsey Hatcher නම් මෙම කාන්තාව 32 හැවිරිදි වියේ පසුවෙයි.

ගර්භාෂ දෙකක් සහිතව උපදින කාන්තාවන් ඉතා දුර්ලභ වන අතර එම කාන්තාවන් අතරින් ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීම ද අතිශය දුර්ලභ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිටත් තිදරු මවක් වන ඇය නැවත ගැබ්ගෙන ඇති අතර එම දරුවන් නීරෝගීව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

https://tinyurl.com/wx3dwptw