රුසියානු – ෆින්ලන්ත මිත්‍රත්වය පළුඳුවෙන ලකුණු

රුසියානු – ෆින්ලන්ත මිත්‍රත්වය පළුඳුවෙන ලකුණු

රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දැමීමට ෆින්ලන්ත රජය පියවර ගෙන තිබෙනවා.

සරණාගතයින්ගේ සංක්‍රමණ ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ෆින්ලන්තය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සරණාගතයින් දේශසීමා වෙත යොමු කිරීමට රුසියාව පියවර ගෙන ඇති බවට ෆින්ලන්තය චෝදනා කරන අතර, මෙම සතිය තුළ පමණක් එලෙස ෆින්ලන්තයට ඇතුළු වී ඇති සරණාගතයින් සංඛ්‍යාව 300ක්.

දේශසීමා පිවිසුම වසා දැමීමට ෆින්ලන්තය ගත් පියවර දෙරටේ සබඳතා පළුදු කිරීමට හේතු වනු ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS