ඉන්දියාව කැළඹූ නිළියකගේ ප්‍රකාශය

ඉන්දියාව කැළඹූ නිළියකගේ ප්‍රකාශය

2023 ICC ලෝක කුසලානය හෙට (19) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ
“ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත්, මම විශාකාපට්නම් වෙරළ තීරයේ නිරුවතින් දිව යනවා” යනුවෙන්.

සමාජ මාධ්‍ය කලඹවමින් මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා දැඩි මතභේදයට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

ඉන්දීය විචාරකයින් පවසන්නේ මෙම ප්‍රකාශය ඇය කර ඇත්තේ ප්‍රසිද්ධිය උදෙසා බවයි.

රේඛා බෝජ් පවසා ඇත්තේ, තමන් එම ප්‍රකාශය සිදු කළේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ආදරය දැක්වීම සඳහා බවයි.

2023 ICC ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය හෙට (19) ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.

COMMENTS