ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙයි
ලෝක ප්‍රසිද්ධ ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුවයි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවයි.
ඊශ්‍රායල – අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබෙනවා.
2020 වසරේ දී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබෙනවා.