වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

කැප්පෙටිපොළ නගරයේ දී වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මඟහැර සිටි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නිතිඥවරයකු මඟින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

අධිකරණය නියෝග කළේ නඩුව අද (20) කැඳවීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් දෙසැම්බර් 04 වන දින දක්වා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ.ආර්. බන්දුසේන නමැති අයයි.

COMMENTS