බදුලු යන සියලු දුම්රිය නානුඔයෙන් නවතී
![බදුලු යන සියලු දුම්රිය නානුඔයෙන් නවතී බදුලු යන සියලු දුම්රිය නානුඔයෙන් නවතී](https://www.mynewslanka.com/wp-content/uploads/2023/11/train-2.jpg)
අද (23) දින උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ ඉදිපොළ මහතා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
උඩරට දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථානවල පස් කඳු කඩා වැටීමෙන් හා ගල් පෙරළීමෙන් අවහිරවීම් සිදුව තිබෙනවා.
එමෙන්ම තවත් ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම් හා ගල් පෙරළිමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.