ලෝකයේ ලොකුම සල්ලි කාරයා ඊශ්‍රායලයට
එලොන් මස්ක් ලබන සතියේ ඊශ්‍රායලයට පැමිණීමට සූදානම් වනවා.
2022 අප්‍රේල් මාසයේදී මිලදී ගත් ට්විටර් ලෙස හැඳින්වුණු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන X හි, යුදෙව් විරෝධිත්වයට එරෙහිව සටන් කිරීමට අසමත් වීම හේතුවෙන් මස්ක් මෑත සතිවල වැඩි වැඩියෙන් විවේචනයට ලක් වුණා.
එසේම ඔහු එම සංචාරයේදී ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමටද නියමිතයි.
මෙම සතිය මුලදී, මස්ක් නිවේදනය කළේ, X සමාජ මාධ්‍යයේ වෙළඳ ප්‍රචාරණයෙන් ලැබෙන සියලුම ආදායම ඊශ්‍රායලයේ රෝහල්වලට සහ ගාසාවේ රතු කුරුසයට පරිත්‍යාග කරන බවයි.