ක්‍රිකට් නඩුව දෙසැම්බර් 05ට කල් යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
එදිනට ඒ සම්බන්ධයෙන් සිය තත්ත්වය ඉදිරිපත් කරන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන් ම ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය එළැඹෙම්න නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බවයි නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ.