ඇමෙරිකාවෙන් චීනයට සම්බාදක

ඇමෙරිකාවෙන් චීනයට සම්බාදක

ඇමෙරිකාව චීනයේ තවත් නිලධාරීන් හා සමාගම් කිහිපයකට සම්බාදක පනවා තිබෙනවා.

මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එල්ල වු චෝදනා හේතුවෙනුයි මෙලෙස සම්බාදක පනවා ඇත්තේ.

ඒ අනුව නිලධාරීන් දෙදෙනෙකු හා සමාගම් තුනක් අසාදු ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

හිටපු පොලිස් ප්‍රධානියෙකුට හා චීන කර්මියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරියෙකුටයි මෙලෙස සම්බාදක පනවා ඇත්තේ.

අලුතින් සම්බාදක පැනවු සමාගම් 3ක් සමග ඇමෙරිකාව සම්බාදක පැනවු චීනයේ සමස්ත සමාගම් සංඛ්‍යාව 30ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මේ ආකාරයටම පසුගිය සතියේ දී චීන පුරවැසියන් 23න් දෙනෙකුට එරෙහිව ඇමෙරිකාව සම්බාදක පනවනු ලැබුවා.

http://tinyurl.com/2e867uy2