ලිබියානු මුහුද පුද්ගලයින් රැසකට ජීවිත අහිමි කරයි
ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී සංක්‍රමණික යාත්‍රාවක සිටි පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් දියේ ගිලී තිබෙනවා.
මෙම යාත්‍රාව ලිබියාවේ සුවාරා නගරයෙන් ගමන් ආරම්භ කර ඇත්තේ 86 දෙනෙකු සමඟයි.
මෙම පිරිස අතර, දරුවන් ද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන් 25 දෙනෙකු පමණක් බේරාගෙන තිබෙනවා.
බේරාගත් පිරිස නයිජීරියාව, ගැම්බියාව සහ අනෙකුත් අප්‍රිකානු රටවලින් පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.