කොවිඩ් යළි හිස ඔසවන ලකුණු

කොවිඩ් යළි හිස ඔසවන ලකුණු

මෙම වසරේ දෙසැම්බර් මස 03 වනදා සිට දෙසැම්බර් 09 වන දින දක්වා සිංගප්පුරුව තුළ Covid-19 රෝගීන් 56,043ක් හඳුනාගෙන තිබෙනවා.

එය පෙර සතියේ 32,035 ට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සාමාන්‍ය දෛනික කොවිඩ් රෝහල් ගතවීම් සතියකට පෙර 225 සිට 350 දක්වා ඉහළ ගොස් ඇති අතර සාමාන්‍ය දෛනික දැඩි සත්කාර ඒකක (ICU) රෝගීන් 09 දක්වා ඉහළ ගොස් පවතිනවා.

මේ හේතුවෙන් සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ජනාකීර්ණ ස්ථානවල, ගුවන් තොටුපොළවල්වල මුව ආවරණ පළඳින ලෙසයි.

එසේම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන්ද නව කොරෝනා වෛරසයක් පැතිර යන බවට අනාවරණය වී තිබෙනවා.

පසුගිය දිනක කේරළ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 230දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් චීනය පවසන්නේ චීනයේ COVID-19 ආසාදන අඩු වසංගත මට්ටමක පවතින අතර චීනයේ ශ්වසන රෝග කාරක නිරීක්ෂණය කිරීමේදී නොදන්නා වෛරස් හෝ බැක්ටීරියා කිසිවක් හමු නොවූ බවයි.

https://tinyurl.com/3w47cuue

COMMENTS