ෂකීරාගේ යෝධ ප්රතිමාවක් කොලම්බියා මුහුදු වෙරළේ
සුපිරි බටහිර ගායිකා ෂකීරාගේ ප්රතිමාවක් ඇගේ උපන් බිම වන කොලම්බියාවේ බැරන්කිලා නුවරදී ඉදි කර ඇත. අඩි 21.3ක් උසැති මේ ප්රතිමාව බැරන්කිලා නුවර මුහුදු වෙරළේ ඉදිකර ඇති අතර, එය නිරාවරණය කිරීමේ උත්සවයට ෂකීරාගේ මාපියන් ද සහභාගි වූ බව වාර්තා වේ.
ලෙබනන් සම්භවයක් සහිත ජනතාවක් පදිංචිව සිටින බැරන්කිලා නුවර පිහිටි ලෙබනන් අවන්හලක මේසයක් මතට නැඟ උකුළ පදවමින් ෂකීරා සිදු කළ නර්තනය පසුකාලීනව ඇගේ සංගීත දිවියේ අයිකනය බවට පත් වූ අතර, මේ ලෝකඩ ප්රතිමාව ඉදිකර ඇත්තේ ඇගේ එම නර්තන විලාසය සිහිගන්වමිනි. 46 හැවිරිදි ෂකීරා මේ වන විට අමෙරිකාවේ මියාමි නුවර පදිංචිව සිටී. උපන් බිමේ සිය ප්රතිමාවක් ඉදි කිරීම පිළිබඳ ෂකීරා බැරන්කිලා නුවර ප්රධානින්ට ස්තුතිය පළ කර තිබේ.
http://tinyurl.com/ynfhs72b