යුක්රේන ගුවන් ප්‍රහාරවලින් 20ක් මරුට, 100කට තුවාල
නිරිත දිග රුසියාවට එල්ල වූ යුක්රේන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියාවට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
රුසියාවේ බෙල්ගොරෝද් ප්‍රදේශයට එල්ල වූ එම ප්‍රහාරයෙන් කුඩා ළමුන් තිදෙනෙකු ද මිය ගොස් ඇති බව රුසියාව පවසයි.
කෙසේ වෙතත් යුක්රේන ආරක්ෂක අංශ පවසන්නේ, රුසියානු හමුදා ඉලක්ක වෙත තමන් ප්‍රහාර එල්ල කළ බවයි.
සිකුරාදා යුක්රේනයට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
http://tinyurl.com/mx5ekzpt