ඇමරිකාව හූති කැරළිකරුවන්ගේ යාත්රා තුනක් රතු මුහුදේ ගිල්වයි
රතු මුහුදේදී ප්රහාර එල්ල කර හූති කැරළිකරුවන්ගේ යාත්රා තුනක් ගිල්වා දැමීමට ඇමරිකානු හෙලිකොප්ටර් යානා දෙකක් සමත්වී තිබෙනවා.
මෙහිදී හූති කැරළිකරුවන් 10 දෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රතු මුහුදේ ගමන් කළ මර්ස්ක් බහලුම් යාත්රාවකට ඉරානයේ සහය ලබන හූති කැරළිකරුවන් ප්රහාර එල්ල කරන බවට ලද තොරතුරකට අනුවයි ඇමරිකානු ප්රහාරක හෙලිකොප්ටර් යානා එම ස්ථානයට ළඟාවී තිබුණේ.
මෙම සිදුවීමෙන් අනතුරුව පැය 48ක කාලයක් රතු මුහුදේ යාත්රා කිරීම නවතා දැමීමට කටයුතු කළ බවයි මර්ස්ක් සමාගම නිවේදනය කර ඇත්තේ.
http://tinyurl.com/y7msm4n8