ඉරානයේ පිපිරීම් වලින් මිය ගණන ඉහළට
ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් Qasem Soleimani’s ඝාතනය කර සිව්වන සංවත්සරය සමරණ මොහාතේ ඔහුගේ සොහොන අසල පැවැති උත්සවයට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකෙන් මේ වනවිට 70කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම Saheb al-Zaman මුස්ලිම් පල්ලිය අසල Qasem Soleimani’sගේ ඝාතනය සංවත්සරය සැමරුම් පෙරහැරට එල්ලවූ පිපිරීම්වලින් ද තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.
එමෙන්ම මාර්ගයක මළ සිරුරු කිහිපයක් දැක්වෙන වීඩියෝවක් ද අන්තර්ජාලය හරහා සංසරණය වනවා.
2020 දී ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් Qasem Soleimani’s මිය සැමරීමේ උත්සවයක කොටසක් ලෙස අද (03) සිය ගණනක් මිනිසුන් සොහොන් දෙසට ඇවිද ගිය බව වාර්තා වනවා.
අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින්වූයේ ජෙනරාල් Qasem Soleimani’s.
ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය ‘විප්ලවීය හමුදාවේ’ විශේෂ අංශයකි.
එය මෙහෙයවූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියා.
http://tinyurl.com/3zrmkvbb