අමෙරිකාවේ රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

අමෙරිකාවේ රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

COVID-19, උණ සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීම නිසා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක රෝහල්වල මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කර තිබෙනවා.

මෙලෙස New York, California, Illinois සහ Massachusetts යන ප්‍රාන්ත සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිව්යෝර්ක් නගරයේ සෞඛ්‍ය කොමසාරිස් පැවසුවේ නගරයේ රජයේ රෝහල් 11 කම, සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 ක් සහ දිගු කාලීන සත්කාර පහසුකම් පහක වෙස්මුහුණු නියෝගය නැවත ආරම්භ කර ඇති බවයි.

දෙසැම්බර් 17-23 දක්වා එක්සත් ජනපදය පුරා COVIDවලින් 29,000කට අධික පිරිසක් රෝහල් ගත වී ඇති අතර එය පෙර සතියට වඩා 16%කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ.

http://tinyurl.com/bdfsr7f3

COMMENTS