ජනප්‍රිය සාහිත්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි ගමනට සමු දෙයි
![ජනප්‍රිය සාහිත්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි ගමනට සමු දෙයි ජනප්‍රිය සාහිත්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි ගමනට සමු දෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2024/01/prdeep.jpg)
ජනප්‍රිය සාහිත්‍යවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය අද (05) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
63 හැවිරිදි ඔහු මියගොස් තිබුණේ හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී.
ප්‍රදීප් කුමාර බාලසූරිය දවස පුවත්පතින් සිය ලේඛන වෘත්තීය ආරම්භ කළ අතර, පසුව දිවයින පුවත්පතේ සේවය කළා.
එමෙන්ම, අරලිය පුවත්පතට සම්බන්ධ වූ පසුව, සඳරේණු සහ සක්වල පුවත්පත්වල කතෘවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඔහු ජනප්‍රිය නවකතා, ධනාත්මක චින්තන කෘති, පරිවර්තන රැසක් ද රචනා කර ඇති අතර, මියයන විට නවලිය පුවත්පතේ ඔහු රචිත නව කතාවක් ද පළ වුණා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/01/191703829_4026789447357086_5179069705489784221_n-650x971.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/01/35144705_1751043294931724_1894206905409077248_n-650x650.jpg)