සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කෙරේ

සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කෙරේ

සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉන්දීය නිරූපිකාවක් වූ දිව්‍යා පහුජා නම් තරුණියක්.

ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක් තුළදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ඇගේ සිරුර තවමත් සොයාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

ඇය අදාළ හෝටලය තුළදී ඝාතනය කර ඇති අතර ඝාතනයට සම්බන්ධ වූ පිරිස ඇගේ සිරුර හෝටලයෙන් පිටතට රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් තිදෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

http://tinyurl.com/y9fk6k37