ඇමරිකා සමාගම් පහකට චීනයෙන් සම්බාධක

ඇමරිකා සමාගම් පහකට චීනයෙන් සම්බාධක

චීනය ඇමරිකා ආරක්ෂක සමාගම් පහකට සම්බාධක පනවා තිබෙනවා.

ඒ තායිවානයට ආයුධ අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

තායිවානයට ඇමරිකා ආයුධ අලෙවි කිරීමේ නවතම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් චීනය සමාගම් පහකට සම්බාධක ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තායිවාන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ලබන 13 වනදා පැවැත්වීමට නියමිතව තිබියදී මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයක්.

චීනය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ට අයත් භූමියක් ලෙස සලකන අතර එය තායිවාන රජය ප්‍රතික්ෂේප කරනවා.

ඇමරිකා ඩොලර් මිලියන 300ක් වටිනා උපකරණ තායිවානයට මේ අනුව අලෙවි කෙරෙනු ඇති.

https://shorturl.at/lCJPZ

COMMENTS