පාකිස්ථානයෙන් ඉරානයට ප්‍රති ප්‍රහාරයක්
අසල්වැසි ඉරානයට මිසයිල ප්‍රහාර දියත් කළ බව පකිස්තානය පවසනවා.
ඉරාන ප්‍රහාරයෙන් දින දෙකකට පසුව මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි පාකිස්ථානය පවසන්නේ.
කෙසේ වෙතත් ඉරාන මාධ්‍ය වාර්තා කළේ කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඉරානය විසින් පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් දරුවන් 2 දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ප්‍රහාරය ජයිෂ් අල් – අඩි ත්‍රස්ත කණ්ඩායමට අයත් කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ බවයි ඉරානය සදහන් කළේ.
මීට පෙර ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කරගනිමින් බව පවසමින් ඉරාකයට සහ සිරියාවට ද ඉරානය මෙලෙස මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා.