ඇපල් සමාගම අංක එකට
පසුගිය වර්ශයේ ලොව වැඩිම ස්මාර්ට් ජංගම දුරකථන ගණනක් නැව්ගත කර ඇති සමාගම බවට ඇපල් සමාගම පත් වී තිබෙනවා.
අදාළ සමීක්ෂණ වාර්තාවලට අනුව පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ජංගම දුරකථන 1/5කට (පහෙන් එකකට) වැඩි ප්රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගමයි.
එම දත්ත පෙන්වා දෙන ආකාරයට එහි දෙවන තැන හිමිව ඇත්තේ Samsung සමාගමටයි.
මීට පෙර Samsung සමාගම ලොව ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන තිබීමද විශේෂත්වයක්.