ඊශ්‍රායලය ඛාන් යුනිස් නගරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි
කුරිරු යුද්ධය ගාසා තීරය සම්පූර්ණයෙන් විනාශ කරනු ඇති බවට පලස්තීන වැසියන් බියෙන් පසුවනවා.
ඊශ්‍රායලය ඛාන් යුනිස් නගරයට එල්ල කරන ප්‍රහාරය තවත් දැඩි කර තිබෙනවා.
මේ හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් අනාගතය පිළිබඳ ඔවුන් දැඩි බියකිනුයි පසු වන්නේ.
මෑත දිනවල ගාසා තීරයේ දරුණුතම සටන් ඇති වුනේ මෙම දකුණු දිග නගරයේයි.
දැනටමත් අවතැන් වූ පවුල් නසාර් රෝහල් ප්‍රදේශයෙන් පලා යමින් සිටිනවා.
හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීම ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයේ 24,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවගෙන් බහුතරයක් අවතැන් වී සිටින අතර ආහාර පාන, ජලය හා ඖෂධ සොයා ගැනීමට දිනපතා සටනක නිරත වීමටයි සිදුව ඇත්තේ.