වසර 70කට පසුව සෞදියට මත්පැන් අලෙවිසැලක්
වසර 70කට පසුව සෞදි ආරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා.
1950 වසරේ දී පමණ සෞදි අරාබියේ මත්පැන් තහනම් කළේ එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසින්.
තම පුත්‍රයෙකු වන මිෂාරි කුමරු මත්පැන් පානය කර ජෙඩාහි දී බ්‍රිතාන්‍ය උප කොන්සල් සිරිල් ඔස්මන් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු එම තීරණය ගෙන තිබුණා.
කෙසේ වෙතත් සෞදි අරාබියේ රියාද්හී පෙරේදා (24) මෙම මත්පැන් අලෙවි සැල විවෘත කර ඇත්තේ මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් සීමා කරමින්.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සංචාරක හා ව්‍යාපාරික ගමනාන්තයක් ලෙස සෞදිය පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම මත්පැන් අලෙවිසැල විවෘත කර ඇති බවයි.