තෙල් නැවකට හවුති සටන්කාමීන් ගෙන් මිසයිල ප්‍රහාරයක්

තෙල් නැවකට හවුති සටන්කාමීන් ගෙන් මිසයිල ප්‍රහාරයක්

හවුති සටන්කාමීන් විසින් ඒඩන් බොක්කෙහි යාත්‍රා කරමින් තිබූ Marlin Luanda නැමැති තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම පවසන්නේ ඒඩන් සිට නාවික සැතපුම් 60ක් ගිනිකොන දෙසින් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

අදාළ ප්‍රහාරය හේතුවෙන් එම තෙල් නැව ගිනි ගෙන ඇති බවයි එහි ක්‍රියාකරු සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට යුද නැව් පැමිණ ගිනි ගන්නා යාත්‍රාවට සහය දක්වන අතර, සියලුම කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය රතු මුහුදේ සහ ඒ අවට හවුති සටන්කාමීන් විසින් වාණිජ නැව් ගමනාගමනයට එල්ල කළ නවතම ප්‍රහාරයද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව රතු මුහුද හරහා ගමන් කරන අනෙක් යාත්‍රාවලට ප්‍රවේශමෙන් යාත්‍රා කරන ලෙස අනතුරු අඟවා ඇති අතර සැක කටයුතු ක්‍රියාකාරකම් වාර්තා කරන ලෙසයි වාණිජ යාත්‍රා වෙත දැනුම් දී ඇත්තේ.

https://shorturl.at/dvJR4