ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ඒ වෙනුවෙන් නිවසේ එක් කොටසක් සිරමැදිරයක් ලෙස සකස් කරන බවත් ඉස්ලාමාබාද් පොලිස්පති පවසා තිබෙනවා.
සිර මැදිරයක් සකස් කෙරෙනු ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් බානි ගාලා නිවසයි.
සිර මැදිරියක් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් කීප දෙනකු මෙන්ම පොලිස් නිලධාරීන් කීප දෙනකු ද නිවසේ රැඳවෙනු ඇති බව පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබෙනවා.
ඉස්ලාමාබාද් අධිකරණයක් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ටත් බිරිඳ බුෂ්රා බීබීටත් වසර 14 ක සිරදඬුවම් නියම කළේ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විදේශ නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරයෙන් යද්දී ආපසු බාර නොදීම සම්බන්ධයෙන්.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ටත් බිරිඳ බුෂ්රා බීබී එසේ හිමිවුණු ඇතැම් ත්‍යාග විකුණා මුදල් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබුණු අතර එම චෝදනාවලට ද ඔවුන් දෙදෙනා වරදකරුවන් ලෙස ප්‍රකාශ කළා.