කොවිඩ් එන්නතක් 217ක් ලබාගත් පුද්ගලයෙක්

කොවිඩ් එන්නතක් 217ක් ලබාගත් පුද්ගලයෙක්

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 217ක් ලබාගත් පුද්ගලයෙක් පිළිබඳ ජර්මනියෙන් වාර්තා වනවා.

62 හැවිරිදි මෙම ජර්මන් ජාතිකයා කොරෝනා වසංගත ව්‍යාප්ති සමයේ දී වෛරසයට එරෙහි එන්නත් 217ක් ලබා ගෙන ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.

මාස 29ක කාලයක් ඇතුලත දී ඔහු මෙම එන්නත් සංඛ්‍යාව ලබා ගෙන ඇති බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පුවත් පතක පළ වු වාර්තාවක් අධ්‍යනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරු ඔහු පරීක්ෂණයකට භාජනය කර තිබෙනවා.

කෙසේ වුව ද එන්නත් විශාල සංඛ්‍යාවක් ලබාගැනීම හේතුවෙන් මේ වන තෙක් ඔහුට කිසිදු සංකුලතාවයක් හෝ අතුරු ආබාධයක් හටගෙන නොමැති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.

https://shorturl.at/alY27

COMMENTS