ෆෝන් නැතුව සතුටින් ඉන්න අය
ඇමෙරිකාවේ සෑම තරුණ ,තරුණියන් 4 දෙනෙකුගෙන් තුන්දෙනෙකුම ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් තොර වීම හරහා සාමකාමී හා සතුටින් කාලය ගතකරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
දරුවන් ඩිජිටල් උපාංග භාවිතා කිරීමට සීමා පැනවීම සදහා ලොව රටවල් රැසක් ක්රියාකරමින් සිටින අවධියකයි මෙම සමීක්ෂණ ප්රතිඵල නිකුත් කෙරුණේ.
ජංගම දුරකතනයක් තමන් සතුව නොමැති විට තමන්ගේ මනස සැහැල්ලු හා සතුටින් පවතින බව සමීක්ෂණය සදහා සහභාගී වූ තරුණ ප්රජාවෙන් සෑම 4 දෙනෙකුගෙන් තුන්දෙනෙකුම පවසා තිබෙනවා.
කෙසේ වුවද තම ඩිජිටල් උපාංග භාවිතය අවම කරන බවට සදහන් කර ඇත්තේ සමීක්ෂණයට සහභාගී වූ 36ක ප්රතිශතයක් පමණයි.
එමෙන්ම ස්මාර්ට් ජංගම දුරකතන සමග වැඩි කාලයක් ගත කරන බව සියයට තිස්අටක ප්රතිශතයක් සදහන් කර තිබෙනවා.
සීමා සහිත කාලයක් සදහා පමණක් තමන් ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන බව සදහන් කර ඇත්තේ සියයට 51 ක ප්රතිශතයක් පමණයි.
සමීක්ෂණයට සහභාගී වූ තරුණයන්ට වඩා තරුණියන් ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.