සුනඛ වර්ග 23ක් තහනම් කෙරේ

සුනඛ වර්ග 23ක් තහනම් කෙරේ

සුරතල් සුනඛ ප්‍රහාර වැඩි වීම හේතුවෙන් Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs ඇතුළු දරුණු සුනඛ වර්ග 23ක් විකිණීම සහ අභිජනනය කිරීම තහනම් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්තවලට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සුනඛ වර්ග 23ක් පමණ සුරතල් සතුන් ලෙස ඇති කර ගැනීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

දැනටමත් සුරතල් සතුන් ලෙස ඇති කර ඇති මෙම සුනඛ වර්ග තවදුරටත් බෝවීම වැළැක්විය යුතු බවද එම මධ්‍යස්ථානය පවසනවා.

මධ්‍යම රජය සඳහන් කරන්නේ ඇතැම් සුනඛ වර්ගයන් සුරතල් සතුන් ලෙස තබා ගැනීම සහ වෙනත් අරමුණු සඳහා තහනම් කරන ලෙස පුරවැසියන්, පුරවැසි සංසද සහ සත්ත්ව සුබසාධන සංවිධානවලින් තමන්ට ඉල්ලීම් ලැබී ඇති බවයි.

ඒ අනුව සුනඛ වර්ග 23ක් රුදුරු මෙන්ම මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන තිබෙනවා.

Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog සහ Caucasian Shepherd Dog යන සුනඛයින් තහනම් කිරීමට බලාපොරොත්තු වන විශේෂ අතර වෙනවා.

අනෙකුත් සුනඛයින් අතරට South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa and Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf Dogs, Canario, Akbash Dog, Moscow Guard Dog, Cane Corso and Bandog යන සුනඛයින් අයත් වන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉහත සුනඛ වර්ග ආනයනය කිරීම, අභිජනනය කිරීම, සුරතල් සුනඛයන් ලෙස විකිණීම සහ වෙනත් අරමුණු සඳහා තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.