යුක්‍රේන හමුදාවෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

යුක්‍රේන හමුදාවෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

යුක්‍රේන හමුදාව විසින් රුසියාවේ මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩ්‍රෝන යානා 35ක් මේ සදහා යොදාගෙන ඇති බවයි.

ප්‍රහාර හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදුවක ගින්නක් ද හටගෙන තිබුණා.

මොස්කව් දේශසීමා ප්‍රදේශවල විදුලිය බලයද මේ වන විට ඇනහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

රුසියානු රජය පසුගිය දා ප්‍රකාශ කළේ, සිය ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සදහා යුක්රේනය මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවයි.

https://shorturl.at/bIMN5

COMMENTS