කේට් මිඩ්ල්ටන්ට මොකද වුණේ?

කේට් මිඩ්ල්ටන්ට මොකද වුණේ?

බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුළ සිදුවන දේ අභිරහස් බවට පත්ව ඇති බවත්, වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට කුමක් සිදු වීද යන්න ප්‍රශ්න සහගත බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු ඇය දැකගැන්නට නොලැබීමත් සමගයි.

ජනවාරි මාසයේදී ඇයගේ උදරයේ සැත්කමක් සිදු කරන බවට රාජකීය පවුල දැනුම් දුන්නද අද වනතුරුත් කේට් කුමරිය පිළිබඳ නිසි තොරතුරක් දැනුම් දී නැහැ.

පහත ඡායාරූපය මව්වරුන්ගේ දිනය වෙනුවෙන් නිකුත් කළ එකක් වුවද එය සංස්කරණය කල ඡායාරූපයක් බව මාධ්‍යවේදීන් අනාවරණය කර තිබුණා.

කේට් කුමරියගේ අතේ මගුල් මුද්ද නොමැති වීම එම සංස්කරණය සනාථ වීමට එක් හේතුවක්. කෙසේ වෙතත් එය සංස්කරණය කළ ඡායාරූපයක් බව කේට් කුමරිය විසින්ම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පිලිගැනීමත් සමග මේ පිළිබඳ මාධ්‍යවේදීන්ගේ කුතුහලය වැඩි වී තිබෙනවා.

ඇය ජීවත් වනවාද යන්න ප්‍රශ්න සහගත බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය රජු වන චාල්ස් රජුද පිළිකා තත්වයකින් පෙළෙන බව වාර්තා කර තිබුණා.

මේ අතරතුරයි ඉදිරි පැය කිහිපය තුළ බකිංහැම් මාළිගයෙන් ඉතා වැදගත් නිවේදනයක් ලැබෙනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

https://shorturl.at/ioFJ1

COMMENTS