ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට පළමුවරට සෘජුවම අනතුරු අඟවයි

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට පළමුවරට සෘජුවම අනතුරු අඟවයි

රෆා නගරයට තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් අමෙරිකාව විසින් ලබා දෙන ආයුධ සැපයුම් අත්හිටුවන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාව විසින් ඊශ්‍රායලයට සෘජුවම අනතුරු ඇඟවීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය බවයි.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ ජෝ බයිඩ්න්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

මේ අතර දිගින් දිගටම ගාසා තීරයේ රෆා නගරය ආශ්‍රිතව එල්ල වන ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම්වලට බාධා මතුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ප්‍රහාර හමුවේ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක රෝහල් තුනම අකර්මණ්‍ය වීමට ඉතා ආසන්න බවයි.

https://www.reuters.com/world/biden-says-bombs-us-has-paused-sending-israel-have-killed-civilians-2024-05-08/