වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක්
තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා.
එම ග්‍රහලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂකයේ උපකරණ දෙකක් භාවිතා කරමින් අධෝරක්ත නිරීක්ෂණ මගින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙය පෘථිවියට වඩා සැළකිය යුතු තරම් විශාල නමුත් නෙප්චූන්ට වඩා කුඩා පාෂාණයකි.
එම ග්‍රහලෝකය දැනට නම්කර ඇත්තේ 55 Cancri e හෝ Janssen ලෙසිනි.
තාරකා විද්‍යාඥයන් මත පළකර ඇත්තේ ජීවය සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස සැළකෙන ද්‍රව ජලය තිබීමට නොහැකි තරම් උණුසුම් බැවින්,එම ග්‍රහයා වාසයට සුදුසු විය නොහැකි බවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පෘථිවියට වඩා මෙය 8.8 ගුණයකින් විශාල වන අතර, එහි විෂ්කම්භය අපේ ග්‍රහලෝකයේ මෙන් දෙගුණයක් පමණ බවයි.