නීතිවිරෝධී ලෙස ගිය හමුදා නිලධාරීන් යළි ගෙන්වාගන්න ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවට

නීතිවිරෝධී ලෙස ගිය හමුදා නිලධාරීන් යළි ගෙන්වාගන්න ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවට

නීතිවිරෝධී ලෙස රුසියානු-යුක්‍රේන යුද්ධය සඳහා යවන ලද මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව සඳහන් කළ අතර එම දූත පිරිස කඩිනමින් යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.

අදාළ දූත පිරිසට ආරක්ෂක ලේකම්වරයා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ද අයත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

COMMENTS