සෑම තත්පර භාගයකට සැරයක් දරුවෙකු අන්තර්ජාලයට පිවිසෙයි

සෑම තත්පර භාගයකට සැරයක් දරුවෙකු අන්තර්ජාලයට පිවිසෙයි

ගෝලීය වශයෙන් සෑම තත්පර භාගයකට සැරයක් එක් දරුවෙක් අන්තර්ජාලයට පිවිසෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනාවරණය කර තිබෙනවා.

මෙම වැඩි වී ඇති අන්තර්ජාල ප්‍රවේශය ඔවුන් බරපතළ අවදානම්වලට නිරාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එක්සත් රාජධානියේ, ඔන්ලයින් ආරක්ෂණ පනත නමැති නව නීතිය යටතේ, ඉන්ටර්නෙට් තුළ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තාක්ෂණික සමාගම්වලට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවයි දක්වා තිබෙනවා.

නව නීති 2025 වසර වන තෙක් ක්‍රියාත්මක නොවන අතර විචාරකයින් පවසන්නේ, එම නීති ප්‍රමාණවත් නොවන බවයි.

ලෝකය පුරා බොහෝ රජයයන් ඊට සමාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වෙනවා.

දත්ත මගින් පෙන්නුම් කරන්නේ 2023 වසරේදී අවුරුදු 15 සිට 24 දක්වා පසුවන්නන්ගෙන් 79%ක් ඉන්ටර්නෙට් හරහා සබඳතා පවත්වාගෙන යන බවයි.

දරුවන්ගෙන් අන්තර්ජාලය භාවිතය පාලනය කිරීමට හැකියාව ඇත්තේ දෙමාපියන් විසින් අධීක්‍ෂණය කරනු ලබන ගිණුම් සකස් කළ හැකි අතර, එමගින් ඔවුන්ගේ දරුවන් පිවිසෙන වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමට හැකි බවයි.

COMMENTS