බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලැයිස්තුවට අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ නමත්

බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලැයිස්තුවට අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ නමත්

2024 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් ධනවතුන්ගේ ලැයිස්තුවට අනුවයි ඔහු මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ.

මේ අනුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දේශපාලනඥයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන්නේ වසර 35කට පසුවයි.

මේ වනවිට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඉන්දීය සම්භවයක් සහිත ගෝපි හින්දුජා හිමිකරගෙන ඇති අතර, බැංකු සහ කර්මාන්ත නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නිරත ඔහුගේ වත්කම පවුම් බිලියන 37.19ක්.

https://shorturl.at/2decw

COMMENTS