සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල වන ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල වන ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

ජූනි මාසයේ යෙදී ඇති සමරිසි ප්‍රජාවගේ සැමරුම් ඉලක්ක කරගනිමින් විදේශීය ත්‍රස්ත සංවිධාන ප්‍රහාර එල්ල කළ හැකි බවට අමෙරිකානු FBI ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව තුළ මෙන්ම විදෙස්ගත අමෙරිකානු පුරවැසියන්ට ද මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව විදේශීය ත්‍රස්තවාදී සංවිධාන හෝ ආධාරකරුවන් එළඹෙන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත අභිමානවත් මාසය හා සම්බන්ධ වැඩසටහන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවයි ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) පවසන්නේ.

අමෙරිකාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අභිමානවත් මාසයේ සැමරුම් ඇතුළු සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානවල විමසිල්ලෙන් සිටින ලෙසයි.

ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීම්වල නිශ්චිත රැස්වීම් හෝ ස්ථාන සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

2023 පෙබරවාරි මාසයේදී නිකුත් කළ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමේ පණිවිඩවල සමලිංගික ප්‍රජාවට එරෙහිව ප්‍රකාශ ඇතුළත් වීම හේතුවෙන් මෙසේ අනතුරු අඟවා ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් 2016 මෙවැනිම මාසයක ෆ්ලොරිඩාහිදී සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක IS මතවාදී පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් තවත් 53 දෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://shorturl.at/lIARS