පිලිපීනයට චීනයෙන් රතු එළියක්

පිලිපීනයට චීනයෙන් රතු එළියක්

බටහිර පිලිපීන මුහුදේ සිවිල් කටයුතු සඳහා අවසර දීම සම්බන්ධයෙන් පිලිපීන රජයට, චීනය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ පිලිපීන වැසියන් දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ගල්පරයක් දෙසට ගමනක් ආරම්භ කර ඇති පසුබිමක් තුළයි.

ඒ අනුව පිලිපීනයේ ධීවර බෝට්ටු සිය ගණනක් සහ වෙරළාරක්ෂක යාත්‍රාවක් 2012 වසරේ දී චීනය විසින් අල්ලා ගන්නා ලද ස්කා(ර්)බෝ ශෝල් (Scarborough Shoal) නමැති දූපත වෙත ළඟා වී තිබෙනවා.

එම දූපත අසල දී පසුගිය දිනක පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වෙත චීන වෙරළාරක්ෂක නෞකා මගින් ජල ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමග රටවල් දෙක අතර අර්බුදයක් ඉස්මතු වී තිබෙනවා.

එම අර්බුදය මධ්‍යයේයි පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රාවක් චීනය අයිතිය කියා පාන දූපතක් අසලට මෙලෙස ළඟා වී ඇත්තේ.

මේ අතර අමෙරිකානු මාධ්‍ය පවසන්නේ, චීනය හිමිකම් කියන තවත් දූපත් කිහිපයක් අසලට ද පිලිපීන නෞකා ළගා වී ඇති බවයි.

https://shorturl.at/ppvsD