ඉරාන ජනපතිගේ මරණය ගැන සැකයක්

ඉරාන ජනපතිගේ මරණය ගැන සැකයක්

ඉරාන ජනාධිපතිවරයාගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පළකරන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය ඊයේ (19) අනතුරට ලක්වුණේ නැගෙනහිර අසර්බයිජානයට ආසන්න ජොල්ෆා ප්‍රදේශයේදීයී.

මෙම අනතුරින් ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලයියාන්, නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාර මලික් රහ්මති සහ තබ්රිස් පළාතේ ඉමාම්වරයා වූ මුහම්මද් අලි අල් හෂීම් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, හමාස් සංවිධානයද ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ වියෝව සම්බන්ධයෙන් සහෝදර ඉරාන ජනතාව සමඟ දුක සහ වේදනාවේ හැඟීම් බෙදාගන්නා බවටයි.

එමෙන්ම ඉරානය සමඟ සම්පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවටද එම ප්‍රකාශයේ සඳහන්.

හෙලිකොප්ටර් අනතුරින් මියගිය අය ”ඉරාන පුනරුදයේ දිගු ගමනක් ගිය හොඳම නායකයින් පිරිසක්”‍ බවටද හමාස් සංවිධානය ප්‍රකාශ කළා.

පලස්තීන ගැටලුවේදී ඉරාන ජනාධිපතිවරයා සහ නායකයින් දැක්වූ ”‍සහයෝගීතාවය”‍ වෙනුවෙන්ද මෙම පිරිස ප්‍රණාමය පුද කර තිබෙනවා.

1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ඊශ්‍රායලයේ පස මිතුරෙකු ලෙස කටයුතු කළ ඉරානය – හමාස් ඇතුළු මැදපෙරදිග විවිධ සංවිධාන ගොඩනැගීම සඳහා අරමුදල්, ආයුධ සහ පුහුණුව වසර ගණනාවක් පුරා ලබාදී තිබූ බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

මේ අතර ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදු කිරීමට නියමිත බව Tehran Times පුවත් සේවය වාර්තා කරනවා.

මේ අතර, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුරින් ජීවිතක්ෂයට පත් ජනාධිපතිවරයා සහ ඔහු සමග ගමන්ගත් සෙසු පිරිස වෙනුවෙන් එරට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන අධ්‍යත්මික නායක අයතොල්ලා අල් කමේනි කටයුතු කර ඇති බවයි.

COMMENTS