ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක්

ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

යුරෝපියානු GT4 මෝටර් රථ තරගාවලියට සහභාගි වන එකම ආසියානු ධාවකයා ඩිලන්ත මාලගමුවයි.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වීමට නියමිතයි.

COMMENTS