මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර එක්ලක්ෂ විසිදහස දක්වා ඉහළ ගොස් ඇති බව මිල්කෝ සමාගම පවසනවා.

මිල්කෝ සමාගම දෛනිකව භාවිතයට ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර 65000 දක්වා පහත බැස තිබුණා.

පරිපාලනමය ගැටලු විසදීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීමත් සමග නව වර්ධනය සිදුව ඇති බවයි මිල්කෝ ආයතනයේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පවසන්නේ.

මිල්කෝ සමාගමේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය මුළුමනින්ම නැවති තිබු බව ඔහු පවසනවා.

මේ වන විට කිරිපිටි මෙට්‍රික් ටොන් 80ක් ගබඩා සතුව ඇති බව පවසන ඒ මහතා හයිලන්ඩ් අයිස් ක්‍රීම් සහ යෝගට් නිෂ්පාදන ධාරිතාව ද ඉහළ නංවා ඇති බවයි පවසන්නේ.

COMMENTS