අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අද (21) පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මුල්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගලව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.