ඊශ්‍රායලයෙන් පලස්තීනයට දරුණු ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් පලස්තීනයට දරුණු ප්‍රහාරයක්

පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකළ බවයි.

එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක බව සඳහන් ය.

ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරයා සහ ගුරුවරයා සේවාස්ථාන කරා යමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිබුණි.

https://tinyurl.com/r7axvttm

COMMENTS