නායකයාට ගෞරවය දක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාව (Photos)

නායකයාට ගෞරවය දක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාව (Photos)

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසගේ අවමංගල්‍ය උත්සවයට සඳහා විශාල ජනකායක් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට රැස්වෙමින් සිටිනවා.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලයියාහ් ඇතුළු 09 දෙනෙකු ගමන්ගත් හෙලිකොප්ටරය ගිනිගෙන විනාශ වුණේ, පසුගිය 19 වැනිදායි.

අනතුරින් ඉරාන ජනාධිපතිවරයා ඇතුළු 09 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් ඊයේ ටෙහෙරාන් අගනුවරට රැගෙන ආවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන්ගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙන බවයි.

මේ වනවිට ටෙහෙරාන් අගනුවර වෙත විශාල ජනකායක් රැස්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ අභාවයෙන් කම්පනයට පත් පිරිස් කලු පැහැති ඇඳුම්වලින් සැරසී ජනාධිපතිවරයාගේ ඡායාරූප රැගෙන ටෙහෙරාන් හි මාර්ගවල පා ගමන් ද සංවිධාන කර තිබෙනවා.

මේ අතර, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ශෝකය පළකර තිබෙනවා.

COMMENTS